Spread the love

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ .
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් සටහනක් තබමින් ඒ බව පැවසීය.

එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් පිළිගත් බව එහි දක්වා තිබේ.එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත්කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.