Spread the love

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමුවද එය මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් නැතැයි ‘ෆිච් රේටින්ග්ස්’ ආයතනය සඳහන් කරයි.


විදුලි ගාස්තු වැඩි කිරීම විදුලි ජනන පිරිවැය අනුව මන්ඩලයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නැති නමුත් එමගින් පාඩුව අවම කර ගැනීමට උපකාරී වනු ඇතැයිද ඔවුන් කියා සිටියි.


කෙසේ නමුත් විදුලි ජනන පිරිවැය පහත ගියොත් හෝ අඩු වියදම් සහිත පුනර්ජනනීය බලශක්ති වෙත හුවමාරු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඒ හරහා මණ්ඩලය බිඳ නොවැටී ආරක්ෂා වීමට උපකාරී වනු ඇතැයිද ඔවුන් තව දුරටත් සදහන් කරයි.