Spread the love

විදුලි බිල වැඩිකිරීම පිළිබඳව ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන සතිය තුළ තීරණයක් ගන්නා බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි බිල වැඩිකිරීම සදහා අවසර ලබා දෙන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතිබව සභාපතිවරයා සඳහන් කළේය.මේ අතර අනිවාරයෙන්ම විදුලි බිල වැඩිකිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසූවාය.

ඉන්ධන මිළ ගණන් ඉහළ යාමට සාපේක්ෂව විදුලි බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සදහන් කළාය.විදුලි බිල වැඩිකිරීම මගින් ඉන්ධන සදහා ගෙවන ගාස්තුව යම්තාක් හෝ ආවරණය කර ගැනීමට හැකි බව වැඩිදුරටත් ලේකම්වරිය පැවසූවාය.