Spread the love

ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන සජීව පතොරම් 04 සමඟ පුද්ගලයෙකු ගොඩකවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 61ක්වූ පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු අද (16) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.