නාවික හමුදාව විසින් මාමුණෙයි මුහුදු තීරයේ දී මියන්මාරයේ සිට නීතිවිරෝධීව යාත්රා කරමින් තිබූ යාත්රාවක් සොයාගෙන තිබේ.
එම යාත්රාවේ නීතිවිරෝධීව රැඳී සිටි පිරිස අත්අඩංගුවට ගෙන කන්සකන්තුරේ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ළමයින් හා කාන්තාවන් ඇතුළු මියන්මාර ජාතිකයින් 105 දෙනෙක් සිටී.
සැකකරුවන් අද (19) මල්ලාකම් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.