Spread the love

විදෙස් රැකියා සදහා පිටත්ව යාමේදී බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයකින් පමණක් ඒ සදහා පහසුකම් සපයා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.

මේ දිනවල විදේශ රැකියා සදහා යොමුවීමට තරුණ තරුණියන් රැසක් දැඩි උනන්දුවෙන් පසුවන බව පැවසීය.එවැනි තත්වයකදී විවිධ පිරිස් එම තරුණ තරුණියන් රැවටීමට ලක්කරන බවට තොරතුරු ලැබි ඇතිබව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

විදේශ රැකියාවක් සදහා යොමුවීමට පෙර විදේශ රැකියා නියුක්ති කාර්‍යංශයේ වෙබ් අඩවියටගොස් රැකියා ඇබෑර්තු පිළිබඳ පරීක්ෂා කිරීම ඉතා වැදගත් බව පැවසීය.වංචනික පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එහිදී වැඩිදුරටත් පැවසීය.