Spread the love

විදෙස් සමාගම් 03 ක​ට ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැති​ය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

චීන​යේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum, ඇමෙරිකා​වේ RM Parks සහ Shell PLC වෙ​ත ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

RM Parks සහ Shell PLC සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සමාගම් 3 සඳහා දැනට ඛණිජ තෙල් සංස්ථා​ව විසින් පවත්වාගෙන යනු ලබන, අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් වෙන්කරන අතර ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

. එමෙන්ම අදාල තෝරාගත් සමාගම් මගින් නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමටද නියමිත බව සඳහන් වන්නේ.