Spread the love


සමාජ මාධ්‍ය ඹස්සේ ප්‍රචාරය කොට තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් දෙලක්ෂ හතළිස් පන්දාහක් ( රු. 245,000/-) වටිනා විදේශීය මත්පැන් තොගයක් අලෙවි කිරීමේදී එක් සැකකරුවකු සමගින් මත්පැන් තොගය නිවන්දම ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විස්කි බෝතල් 35 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ විදේශිය මත්පැන් තොගය අදාල සැකකරු බලපත්‍ර නොමැතිව අධික මිල ගණන් යටතේ සමාජ මාධ්‍ය ඹස්සේ අලෙවි කිරිම සදහා පල කළ දැන්වීමකට අනුව ව්‍යාජ ගැණුම් කරුවකු යොදා විස්කි මිලදී ගන්නා අවස්ථාවේ සැකකරු කොටු කර ගැනිමට සුරාබදු නිලධාරින් සමත්විී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මාකෙවිට ප්‍රදේශයේ පදංචි 31 හැවිරිදි අයකු වන අතර ඉදිරියේදි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ උපදෙස් මත, සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී , කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකයේ සුරාබදු අධිකාරී එච්.එච්.ඩී.ජයවර්ධන යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න,සුරාබදු නියාමක 1141 රමිත මහතාගේ ඔත්තුවකට අනුව සුරාබදු කෝප්රල් 922 සංජය, සුරාබදු නියාමක රියදුරු අසංක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.