Spread the love

උතුරේ මුහුදු කූඩැල්ලන් වගාව ඇතුළු ජලජීවී වගාවල ජාත්‍යන්තර ප්‍රමිතීන් විදේශ වෙළෙඳ පොළට ගැලපෙන ලෙස සකස් කිරීමට අවශ්‍ය සහයෝගයන් ලබා දෙන බව ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා පැවසුවේය.
මෙරට වෙසෙන ජපන් තානාපතිවරයා මෙම අදහස් පැවසුවේ මේ දිනවල උතුරේ සංචාරයක නිරතවු අවස්ථාවවේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමුවී පැවැති විශේෂ සාකච්ජාවකදීය මෙම සාකච්ජාව යාපනය අමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේදි පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාකාරීත්වය හා උතුරේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය යොමු කළේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා උතුරු පළාත තුළ වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් මුහුදු කූඩැල්ලන් වගාව සිදුකරන අතර අනෙකුත් ජලජීවී වගාවන්ට ජනතාව නැඹුරු වෙමින් පවතින බවද පෙන්වා දුන්නේය.
මෙම වගාවන් විදේශ වෙළෙඳ පොලට ඉදිරිපත් කිරීමේදි තරගකාරී ලෙස ඉදිරිපත් කිරීමටත්, එම වගාවන් සිදු කිරීමේ දී අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ලබාදෙන ලෙසත්,මෙම වගාවන් සිදු කරන වගාකරුවන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීම කෙරෙහි ද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදි.
මෙම අවස්ථාවට මෙරට ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.