Spread the love


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපිට විරුද්ධව චෝදනා රැසක් ගෙනල්ලා, මිෂේල් බැචලේ ලේකම්තුමිය විශේෂ ප්‍රකාශයක් කරලා අපිට චෝදනාමාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වන එස්.බී.දිසානායක මහතා පවසනවා.


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්තුමිය කිසිසේත් මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති නැති නීති විරෝධිව යමින් අපිට චෝදනා කරනවා. අපේ රටේ ප්‍රකාශයට පත් කර හදිසි නීතිය ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2-7 වගන්තිය යටතේ රටක අභ්‍යන්තර කටයුතු පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිසිම අතපෙවීමක් කරන්න බෑ කියලා ඒ ප්‍රඥපත්තියේම තිබෙනවා.

එහෙම තියෙද්දි මිෂෙල් බැචලේ මැතිණිය අපට නඟන චෝදනා නිති විරෝධි. විදේශ ඇමතිවරයා පැහැදිලිව කිව්වා මෙය ප්‍රතික්ෂේප කරනවා කියලා. පහුගිය කාලයේ MCC ගිවිසුම ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මංගල සමරවීර මැතිතුමා හා විජේදාස රාජපක්ෂ මැතිතුමායි පුදුමාකාර උත්සහයක් ගත්තා අපිව හිර කරන්න. අපි එයින් බේරුණා. අපි ජනතාවට සත්‍ය හෙළිදරව් කරමින් අපි මේ දකුණු අසියානු මිත්‍රයන් සියලු දෙනාම අපේ පිලේ තබා ගනිමින් මේ ගමන යන්න ඕන. ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව ඒ සඳහා ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කරනවා.
රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා අදහස් දක්වමින්, අපිට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවීමකින් තොරව රට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බුද්ධිමත් රාජ්‍ය නායකයෙක් හැටියට අපේ ජනාධිපතිතුමා නිවැරදි තීන්දු තීරණ අරගෙන ජාත්‍යන්තරය එක්ක විනිවිදභාවයකින් යුක්තව ගනුදෙණු කරන නායකයෙක් බව මේ කාලයේ ප්‍රකාශය කරලා තිබෙනවා.