Spread the love

බස්නාහිර පළාතේ රජයේ පාසල්වල 9, 10, 11 ශ්‍රේණිවල වාර විභාගය ප්‍රශ්න පත්‍ර මුද්‍රණ පත්‍ර හිඟය හේතුවෙන් කල් දැමුණු නමුත් එයට විසදුම් ලැබුණු හෙයින් නියමිත දිනවලම විභාගය පැවැත්වීමට තීරණ කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවේ,ප්‍රශ්ණ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කඩදාසි සපුරා ගැනීමට මේවන විට හැකිව ඇති බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලු පාසල්වල 9, 10, 11 යන ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත කාල සටහනට අනුව මාර්තු 29 දින ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඊට අමතරව 6,7,8 යන ශ්‍රේණි වල සිසුන්ගේ වාර විභාග කටයුතු අද(21) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අවධාරණය කළා..