Spread the love

2021අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර පරීක්ෂකවරුන් තෝරාගනීම සදහා මාර්ගගත ක‍්‍රමයට අයැදුම්පත් කැදවා ඇතිබව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන මහතා පැවසීය.

ඒ අනුව ලබන 25 වන දින දක්වා අයැදුම්පත් බාරගන්නා බව පැවසීය.ඉල්ලූම්පත් යොමු කිරීමට අදාළ තාක්ෂණික උපදෙස් විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියේ දක්වා ඇතිබව විභාග කොමසාරිස් නරාල්වරයා පැවසීය.www.Doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ විභාග දෙපාර්තුමේන්තුවේ Doe නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිසීමෙන් අයැදුම්පත් ලබාගත හැකිය.

පාසල් විභාග ඇගැයීම් ශාඛාවෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.