Spread the love

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ (03) අද බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.
මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය කල් දැමූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.

විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව පැවසු අතරහෙට (04)සිට ලබන සිකුරාදා(08) දක්වා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සදහා අත්‍යාවශ්‍යම කටයුතු සදහා පමණක් සිසුන් කැඳවීමට තීරණය කර බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ පිළිබඳව තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට ලබාදී තිබේ.වාර පරීක්ෂණ සහ පාසල් වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් බලය ලබා දී ඇතිබව බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.