Spread the love

මිරිහානේ දී ඊයේ (31) ඇතිවූ කලහකාරී සිද්ධියේ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් 3ක් වෙත භාරදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් මෙම පරීක්ෂණ සිදු කරන බවයි ඔහු සඳහන් කළේ. එසේම මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.