Spread the love

රජයට විරෝධය පාමින්ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (25) අඛණ්ඩව 17 වන දිනටත් පැවැත්වෙනවා.

ඊයේ (24) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් කොළඹ ගාලුමුවදොර වෙත පැමිණි අතර එය අරගල භූමියට පැමිණිමෙන් අනතුරුව සාමකාමීව අවසන් වුණා.

මහජන අරගලයට සහයෝගය ලබාදීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරමින් අද දිනයේ ද පා ගමන් කිහිපයක් අරගල භූමියට පැමිණීමට නියමිතව තිබෙනවා.