Spread the love

රාජ්‍ය සේවකයන්ගේ ව්ශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සීමා කිරීමට රජය ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛනය අද (14) අද නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පැවසීය.

මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 සීමා කෙරේ.

එහෙත් අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් සදහා එය බල නොපාන බව පැවසීය.

මේ අතර රාජ්‍ය ආයතන වල ඉංජිනේරුවන් සදහන් කර සිටියේ තම සේවාවට අදාළ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 සීමා කිරීමට රජය තීරණය කර ඇතිබවට තොරතුරු ලැබි ඇති බවයි.

එසේ වුවහොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ,දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන වල බිද වැටීමක් සිදුවිය හැකි බව එම ඉංජිනේරුවන් සදහන් කරයි.