Spread the love

රටතුළ පවතින වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ රජරට විශ්ව විද්‍යාලයේ දේශන (20) හෙට සිට සති 02ක් මාර්ග ගත ක්‍රමයට පැවැත්වීමට තීරණය කර බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනි ගිනිගන්දර මහත්මිය පැවසූවාය.

සියලු විභාග වෙනස් නොකර ඒ ආකාරයට පැවැත්වීමට තීරණය කර ඇතිබවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සහ විභාග ද ඉදිරි සතිය තුළ තාවකාලිකව අත්හිටුවීමට උපකුලපතිවරයා තීරණය කර බව එහි සන්නිවේදන අංශය සදහන් කරයි.

ඒ අනුව නේවාසිකාගාර වසා දැමීමට පියවර ගෙන තිබේ.විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටව යන ලෙස සියලු සිසුන්ට දැනුම්දී ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සදහන් කරයි.

මේ අතර ඉදිරි සතිය තුළ විශ්ව විද්‍යාල පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇතිබව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.