Spread the love



මෑත කාලින ඉතිහාසයේ රත්මලාන ගුවන් තොටුපළේ ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලබන ඉරිදා (27) වීවෘත කෙරේ.
මෙලෙස ඉදිකෙරුණේ ගුවන් යාත්‍රාංගණය හා ඊට පිවිසීම සදහා නව ප්‍රවේශ මාර්ගයක් වන අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 220කි. මෙම විවෘත කිරිමත් සමග රත්මලාන ගුවන් තොටුපළේ යාත්‍රාංගණ ධාරිතාව හා ගුවන් ධාවන පථයේ කාර්යක්ෂමතාවය 75%කින් පමණ ඉහළ යන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ඉදිකිරීම් සිදු කෙරුණේ රත්මලාන ගුවන් තොටුපළ යළි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට සමගාමීවය. ලබන ඉරිදා (27) සිට කටුනායක ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති අතර රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරන්නේ වසර 55 කට පසුවයි.
කොළඹ – මාලදිවයින අතර මෙම ගුවන් ගමන් ආරම්භ කෙරෙන අතර මාලදිවයින් ගුවන් සමාගම හා FITS ඒවියේෂන් ගුවන් සමාගම මෙම ගුවන් මෙහෙයුම් සිදු කිරිමට නියමිතයි.
රත්මලාන ගුවන් තොටුපළ තුළ ගගන නාවික පහසුකම් සහිත ප්‍රා දේශීය පාලන මධ්‍යස්ථානයක් හා ගුවන් ගමන් පාලන කුළුණක් ඉදි රිමට ද සැලසුම් කර තිබේ. ඒ සදහා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අවසන් කර ඇති අතර එහි ඉදිිකිරිම් කඩිනමින් ආරම්භ කිරිමට ද අපේක්ෂා කෙරේ. එම ගුවන් තොටුපළේ දැනට පවතින පර්යන්ත ගොඩනැගිල්ල නවීකරණය කර කළාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් හා අන්තර්ජාතික වෙළද ගුවන් යානා සදහා සුදුසු පහසුකම් යටතේ
සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබේ.