Spread the love

 “ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නිකායන් අතුරින්  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට හිමිවන්නේ ඉතාමත් අද්විතීය ස්ථානයක්.  2018 අප්‍රේල් මස 02 වන දින නිකායාරක්ෂක සභාවේ මහා සභා රැස්වීමක් කැඳවා නිකායේ උන්නතිය වෙනුවෙනුත්,  බුද්ධ ශාසනයේ  චිරස්ථිතිය උදෙසාත්, එවකට කථානායක ධුරය දැරූ ශ්‍රී ලංකාභිමාන්‍ය දේශබන්දු කරු ජයසූරිය මහතාගේ  සභාපතිත්වයෙන්  වත්මන්  නිකායාරක්ෂක සභාව පිහිටුවා ගනු ලැබුවා.

2019 වසරේ අපට මුහුණ පෑමට සිදුවූ පාස්කු ඉරිදා සිද්ධිය, කොරෝනා වසංගතය, බලශක්ති අර්බුදයන් යන ආදිය හේතු කොටගෙන පසුගිය වසරවල මහසභා රැස්වීමක් පැවැත්වීමට නොලැබුණත්,  වත්මන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට, බුද්ධ ශාසනය නඟා සිටුවීම  වෙනුවෙන් ඉතා විශාල කාර්යය භාර්යයක් සිදු කිරීමට ලැබීම පිළිබදව මහත් සතුටට පත්වනවා “ යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, රාමඤ්ඤ නිකායේ ලේකම් ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කළේය.