Spread the love

විදේශීය හා දේශීය සංචාරකයින්ගේ ගමන් පහසුව සදහා මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා විශේෂිත සංචාරක දුම්රියයක් 5 වන සෙනසුරාදා ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම හා දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ධාවනයට එක් කෙරේ.
මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00 පිටත් වි දෙමෝදර දුම්රිය ස්ථානයට දහවල් 02.20 ළඟාවීමට නියමිතය බව දුම්රිය සාමාන්‍යාධිකාර ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මෙම දුම්රිය නවත්වනු ලබන්නේ Peradeniya ,nawalapitiya ,Adam’s peak(විනාඩි 02යි),Great Western ,nanuoya , EljinWater fall (විනාඩි 2යි) , Pattipola , Summit leval (විනාඩි 2යි) , Ohiya end of tunnel No 18 (විනාඩි 3 යි ) ,Ohiya ,Idalgashinn , Windbreak ( විනාඩි 3 යි ) , Haputhale ,Kithl Ella (විනාඩි 3 යි ) , 9 arh bridge ( විනාඩි 10 ) ක් වශයෙනි.

නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පස්වරු 03.40ට ගමන් අරඹා නුවර දුම්රිය ස්ථානයට රාත්‍රී 09.35 පැමිණීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාර ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.