Spread the love


නිමල් රාජපක්ෂ-

IMF විස්තීරණ ණය මුදල පිලිබඳව ඇති කරගත් එකඟතා පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ විධායක සභාව 20 වනදා රාත්‍රීයේ රැස්වන බවත්, එදිනම රාත්‍රී ඒ පිලිබඳ නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


අද උදෑසන රුවන්වැල්ල දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ එම එකඟතාවයන් පිලිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ පිලිබඳව සියළු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එය බොහෝ විට ලබන සතියේදී සිදුවිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම පසුගියදා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථීකය සමබන්ධයෙන් එළිදැක්වූ දත්ත වාර්තා පිලිබඳවද අදහස් දැක්වමින් , 2022 වසරේදී ආර්ථික වාර්ධන වේගය සෘණ 7.8 ක් වශයෙන් පැවතීම ඉතා බැරෑරුම් තත්ත්වයක් බවයි. එය මේ වසරේ සෘණ 3 ක තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


එමෙන්ම පසුගිය වසරේ සෘණ 12.4 ක් වූ අවසන් කාර්තුවේ ආර්ථික වාර්ධන වේගය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය නොකළා නම් එය මේ වසරේ පළමු කාර්තුවේ සෘණ 20 දක්වා වූ අගයකට ගමන් කළ හැකිව තිබූ බවත් , එය ලොකයේ කිසිදුරටක් මුහුණ නොදුන් තත්ත්වයක් වනු ඇති බවත් ආමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත් 2024 වර්ෂයේදී එය ධන ආර්ථික වර්ධනයක් බවට පත් වනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.