Spread the love

දිවයිනේ කිසිදු ප්‍රදේශයක ) අද (21දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නව්මනී මහතා පැවසීය.

කැලණිතිස්ස බලාගාරයට ඩීසල් මෙට්ට්‍රික්ටොන් 10000 සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවූ බව පැවසීය.එම ඩීසල් පොම්පකිරීම මේවන විට සිදුවන බව පැවසීය.ඒ අනුව ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලගාරයේ විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබි ඇතිබව පැවසීය.

සපුගස්කන්ද සහ කොළඹ වරායේ පාවෙන බලාගාරයට අවශ්‍ය දැවිතෙල් මෙට්ට්‍රික්ටොන් 500ක් ලබාදීමට ඛනිජ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.ඒ හේතුවෙන් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකි වනු ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.