Spread the love

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර ඇත.

යල කන්නයේ වී වගාව සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට ම බැර කිරීම ලබන සතියේ සිට අරඹන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පැවසීය.

අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල යොදාගනිමින් පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුවද මෙම මුදල යොදා ගැනීමට පිළිවන.

මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගිය මාර්තු මාසයේ දී හිමි විය.