Spread the love

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට තීරණය කල ද තෝරාගත් අත්‍යාවශ්‍ය වෘත්තීන් කිහිපයක් සදහා එම සීමාව බල නොපාන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පැවසීය.

ඒ අනුව වෛද්‍ය ,හෙද හා ඉංජිනේරු ඇතුළු වෘත්තීන් කිහිපයක් එම සීමාවෙන් ඉවත් කරන බව පැවසීය.

එම වෘත්තීන් වල සේවය කරන පුද්ගලයන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට හැකි වන පරිදි කැබිනට් මණ්ඩලයට සංශෝධන ගෙන එන බව එහිදී පැවසීය.

සෙසු පිරිස ලබන දෙසැම්බර් 31 වනදා විශ්‍රාම ගැන්වීමට පියවර ගන්නා බව පැවසීය.

ඊට අදාළ චක්‍රලේඛනය ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව පැවසීය.

ඒ අනුව 20000 ආසන්න රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිත බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.