Spread the love

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අයත් දීපව්‍යාප්ත සහ සමාන්තර සේවා වල වෘත්තීය සමිති රැසක් (10) අද සංකේත  වැඩවර්ජනයක නිරත වෙයි.

වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තෝරාගත් ශේත්‍ර කිහිපයක් සදහා පමණක් වැටුප් හා දීමනා ලබාදීම ,උසස් වීම් ක්‍රමවේදය ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසදුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගම් එකමුතුව පවසයි.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය ,රජයේ ආයූවේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ,දේශීය ආදායම් වෘත්තීය සංගම් එකමුතුව ,කම්කරු කොමසාරිස් වරුන්ගේ සංගම් එකමුතුව ඇතුළු වෘත්තීය සමිති 17ක් වර්ජනයට එක්ව සිටින බව සදහන් කරයි.