වත්තල ඇළබඩවත්ත හැදල ප්රදේශයේ රෙදිපිළි හා පාසල් උපකරණ වෙළද සැලක හදිසි ගින්නක් හටගෙන ඇතිබව වත්තල පොලිසිය පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවන රථ සහ ප්රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වු බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුව නොමැති බව පොලිසිය පවසයි.
සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.
වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.