Spread the love

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවෙයි.

මෙරට ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (03) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

වේගා මෝටර් රථය සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.