Spread the love

2020 වර්ෂයට අදාළව වෛද්‍ය පීඨ සදහා බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට තීරණය කර ඇතිබව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.ඒ අනුව සිසුන් 110 දෙනෙකු අලුතින් බදවා ගැනීමට නියමිතයි.ඒ අනුව 2020 වර්ෂයේ උසස්පෙල විභාගයට පෙනීසිටි ජීව විද්‍යා අංශයේ සිසුන්ගෙන් මෙවර සිසුන් 1974 දෙනෙකු වෛද්‍ය පීඨ සදහා බදවා ගෙන තිබේ.2019 වර්ෂයේ වෛද්‍ය පීඨ සදහා සිසුන් 1961 දෙනෙකු බදවා ගෙන තිබේ.2018 වසරේ සිසුන්ගෙන් 1482 දෙනෙකු වෛද්‍ය පීඨ සදහා බදවාගෙන් ඇතිබව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය