Spread the love

ගාල්ල උඩුගම මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සදහා බාධා මතුව ඇතිබව රෝගීන් පවසයි.

ශල්‍ය කර්ම සහ දැඩිසත්කාර ඒකක කටයුතු ඒ හේතුවෙන් මේවන විට නතර කර තිබේ. තවලම ,හිනිදුම වැනි දුර බැහැර ප්‍රදේශ වල සිට රෝගීන් ප්‍රතිකාර කටයුතු සදහා උඩුගම මූලික රෝහලට පැමිනෙයි.මේ හේතුවෙන් සාමාන්‍ය සැත්කම්,හදිසි සැත්කම් සහ සිසේරියන් සැත්කම් සදහා ගැබිනි මවුවරුන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකරන බව රෝහල් පාලන අධිකාරිය සදහන් කරයි.

රෝහලේ සේවය කර නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා වැඩිපුර අධ්‍යාපනය සදහා විදේශ ගතවී තිබේ.එම පුරප්පාඩු සදහා මෙතෙක් නිර්වින්දන වෛද්‍යවරයෙකු අනියුක්ත කර නොමැත.මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව රෝගී ජනතාව පවසයි.

කඩිනමින් රෝහලේ සැත්කම් කටයුතු යථා තත්වයට පත්කර දෙන මෙන් වගකිව යුතු අංශවලින් රෝගී ජනතාව ඉල්ලා සිටියි.මේ පිළිබඳ අප ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ.එම්.සෝමරත්න මහතාගෙන් විමසුවිට පැවසුවේ ඔය පිළිබඳ දැනුවත් බවයි.පුරප්පාඩුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ අංශ දැනුවත් කර ඇතිබව පැවසීය.කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.