කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ දැඩි අවධානම මත තාවකාලිකව අත්හිටුවනු ලැබූ අප ආයතනයේ සේවාවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දැනට රජය විසින් නිකුත් කර ඇති සංචරණ සීමාවන් වලට යටත්ව මේ මස 04 වන දින සිට නැවත ආරම්භ කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි.
අපගේ සේවාවන් ලබාගැනීම සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මගින්, ස්ථාවර දුරකථන මගින් අංක 1225 ඇමතීම, www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ-චැනලින් යෙදුම මගින් දිනයක් හා වේලාවන් වෙන්කරගෙන පැමිණිය යුතු
බවද කාරුණිකව දන්වා සිටිමු.
ඊ-චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන මේ දක්වා අපගේ සේවාවන් ලබාගත නොහැකි වූ සේවාලාභීන් හට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙන බව වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
