Spread the love

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජය කිරීම සමත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ ඇතර පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක්, වනිදු හසරංග ලකුණු 36 ක් ධනංජය ද සිල්වා ලකුණු 28 හා චාමික කරුණාරත්න ලකුණු 14 ක් ලබා ගැනීමට සමත්විය.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147 ක් පමණයි. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Iftikhar Ahmed ලකුණු 32 ක්, Mohammad Rizwan ලකුණු 55 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළිමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම හය වන වතාවට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුහ.