Spread the love

කොළඹ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර පහක් සපයන එකම ගුවන් සමාගම ද ශ්‍රීලංකන් වේ.
කොළඹ – ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙනඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.
ශ්‍රීලංකන්හි වාණිජ මෙහෙයුම් ක්‍රමෝපාය සහ සේවා කළඹ මගින් විවිධ මට්ටමේ සංචාරකයින්ට සේවා සැපයෙන අතර, MICE හෙවත් රැස්වීම්, දිරිදීමනා සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් පැමිණෙන සංචාරකයින් ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. එහිදී MICE සංචාරකයින්ට අවශ්‍ය සියලුම මූලික සේවා එනම්, ගුවන් ගමන් පහසුකම්, හෝටල් නවාතැන්, මගී අන්තර්මාරු සේවා, රට තුළ අභ්‍යන්තර චාරිකා ආදී බොහෝ සේවා ලබාදීමේ හැකියාව ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ය.

ව්‍යවසායකයින් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ලොව එකම සුහද ව්‍යවසාය ජාලය වන ව්‍යවසායක සංවිධානයේ නේපාල ශාඛාව තුළ විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් ව්‍යවසායකයෝ 100කට ආසන්න පිරිසක් සාමාජිකත්වය දරති. ඔවුහු ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. එහි පළමු කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණි අතර, Reliance Group Nepal; City Tech; Khangri Sourcing; Mercantile group; ARKS Capital Advisors; සහ Siddhartha Group වැනි නේපාලයේ ප්‍රධාන පෙළේ සමාගම්වල ප්‍රධානීහු, උප සභාපතිවරු, අධ්‍යක්ෂවරු සහ ප්‍රාග්ධන උපදේශකයෝ ඒ අතර වූහ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

නේපාලයේ ව්‍යවසායක සංවිධානය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ MICE සේවා අපේක්ෂා කිරීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් සේවයේ පළපුරුද්ද සහ ගමනාන්ත වැඩසටහනක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවැසි සම්පූර්ණ පරාසයක සේවා සැපයීමට ගුවන් සේවය සතු හැකියාව ය.