Spread the love

ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වෙමින් සිටින බවට ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම තමන්ට ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා කාලය තුළ වී වගා කළ කිසිදු ගොවියෙක් වී වගාවෙන් ඉවත් වී නොමැති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් විසින් වී ගොවීන් ගොවිතැනෙන් ඉවත් වෙමින් සිටින බවට කරන ප්‍රකාශ මුළුමනින්ම පදනම් විරහිතය.

වී වගා කළ ඇතැම් ගොවීන් වියපත්වීම නිසා ගොවිතැන් කටයුතු තම දරුවන්ට පැවරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඇතැම් වියපත් ගොවීන් රෝගී වීම හෝ මරණයට පත් වීම හැරෙන්නට වී ගොවිතැන එපා වීම නිසා ඉන් ගොවීන් ඉවත්වෙමින් සිටින්නේය යන්න මුලුමනින්ම සාවද්‍ය කාරණයක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.