Spread the love

චීනය විසින් ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ යෝජිත රේඩාර් පද්ධතිය තුලින් ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි .

කොළඹට කිලෝමීටර් 155ක් පමණ ගිණිකොන දෙසින් පිහිටි ශ්‍රී ලංකාවේ දෙවුන්දර බොක්ක ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමටයි යෝජනා යෝජනා වී ඇත්තේ .

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය එය මෙහෙයවනු ලබන බවද බව විදෙස් වාර්තා වල සදහන් වනවා .

මේ තුලින් දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර 1700ක් දුරින් පිහිටි අමෙරිකා එක්සත් ජනපදයේ ඩියාගෝ ගාර්ෂියා හමුදා කඳවුරේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ .