Spread the love

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට යයි. දෙරට අතර සෘජු ගුවන් මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරිම මෙහි අරමුණයි. මෙමගින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සංචාරක, අධ්‍යාපන, වෙළද, ආයෝජන, කෘෂිකාර්මික හා සංස්කෘතික සබදතා තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරිම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කළ බව ඇමතිවරයා කියා සිටි.