පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (08) පැවැත්වෙයි.
මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදීය.
තරගාවලියට එක්වන කණ්ඩායම් 10 මේ දිනවල පුහුණුවීම් තරගවලට නිරතවේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්වුණි.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මෙවර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 10 වනදා ආරම්භ වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව A කාණ්ඩයෙන් තරග වදින අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද එම කාණ්ඩයට ඇතුළත්ය.
B කාණ්ඩය යටතේ තරග වදින්නේ එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන කණ්ඩායම්ය