ශ්‍රීලංකන් කෙයාර්ස් ලෝක ළමා දිනය වෙනුවෙන් රිජ්වේ ළමා රෝහලට වෛද්‍ය උපරණ පිරිනමයි.
‘සෑම දරුවෙකුටම යහපත් අනාගතයක්’ යන තේමාව යටතේ අද දින ලොව පුරා සිටින දූ දරුවන් ලෝක ළමා දිනය සමරන බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී.
සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් පෝෂණය කිරීමේ වැදගත්කම ගුවන් සමාගම අවබෝධ කර ගෙන අතර ළමා සෞඛ්‍යාරක්‍ෂණය සහ යහපැවැත්ම සඳහා ද ශ්‍රීලංකන් කෙයාර්ස් විවිධ පියවරයන් රැසක් දැනටමත් ගෙන තිබේ.
ඒ අනුව, හෘද රෝගවලින් පෙළෙන ළමුන් සඳහා මෙරට ඇති එකම තෘතීය සත්කාරක මධ්‍යස්ථානය වන රිජ්වේ ආර්යා රෝහලේ ළමා හෘද රෝග ඒකකයට infusions pumps පරිත්‍යාගයක් ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් සිදු කරන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් රිජ්වේ ආර්යා රෝහලේ, ළමා හෘද රෝග පිළිබඳ උපදේශක, වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා මෙසේ පැවසීය.ලෝක ළමා දිනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අපි ස්තූතිවන්ත වෙනවා.
විශේෂයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා ප්‍රයත්‍වයන්ට සහය දැක්වීමට ජාතික ගුවන් සේවය ඉදිරිපත් වීම ඇත්තෙන්ම ප්‍රශංසනීය යි. ”යනුවෙන් ඒ මහතා වැඩිදුටත් පැවසීය.