Spread the love


ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දූපතෙහි Addu Atoll වෙත නැවත වරක් ගුවන් මෙහෙයුම් ඊයේ (4) දින සිට සතිපතා ක්‍රියාත්මක කරයි.
UL119 යටතේ ගුවන් යානය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10:40 ට කොළඹ සිට ගැන් දක්වා පිටත් වන අතර, එය එදිනම පස්වරු 13:05 ට Gan සිට ආපසු කොළඹ බලා පැමිණෙනු ඇත.
Gan දුපත සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ලබා දෙන අතර මාලදිවයිනේ ප්‍රසිද්ධ සුදු වැලි වෙරළ පමණක් නොව, සශ්‍රීක හරිත පිරිසරය සහ දේශීය සංස්කෘතිය අත්විඳීමට ද සංචාරකයින්ට අවස්ථාව උදා වනු ඇත. එසේම සංචාරකයින්ට මසුන් ඇල්ලීමේ චාරිකා වලට අමතරව මාලදිවයිනේ අසල්වැසි දූපත් නැරඹීම මෙන්ම Addu Nature Park උද්‍යානයේ සතුන් නරඹීම මෙන්ම විනෝද චාරිකා භුක්ති විඳිය හැකිය. Dolphin cruises; diving; snorkeling; surfing; canoeing; jet skiing; and paddle boarding අත්දැකීම ලබා ගැනීමට ද සංචාරකයින්ට අවස්ථාව උදා වේ. වඩාත් සුඛෝපභෝගී නිකේතනයක් සොයන සංචාරකයින්ට සුඛෝපභෝගී පහසුකම් ලබා ගැනීමට හැකි අතර Gaafu atoll වෙත ද ලඟා විය හැකි වේ.


2016 වසරේ දෙසැම්බර් මාසයේ දී , ශ්‍රීලංකන් ගුවන් සේවය Gan දූපත වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කළ පළමු සහ එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත් විය . සංචාරකයින්ට සෘජුවම මාලදිවයිනට පියාසර කිරීමට හැකි වූ අතර මාලේ හරහා ගමන් කරන්නේ නම් වියදම් කරන කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට ද ඉඩ සැලසිනි. Male සහ Gan යනු යුරෝපය, මැදපෙරදිග සහ ඈත පෙරදිග සිට සුඛෝපභෝගී නිවාඩු ගත කිරීමට පැමිණෙන්නන් සඳහා ශ්‍රීලංකන් ගුවන් ගමන් ජාලයේ වඩාත්ම ප්‍රසිද්ධම නිවාඩු ගමනාන්ත දෙකකි.
COVID-19 වසංගතය ආරම්භ වීමත් සමඟ 2020 මාර්තු මාසයේදී Gan වෙත මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට ගුවන් සමාගමට සිදුවිය. නමුත් මෙම දෙසැම්බර් මාසයේ දී නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ Gan වෙත සෘජුවම පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් පත්වෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා , “අපි Gan වෙත මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා වගේම මෙම ගමනාන්තය වෙත නැවත වරක් සෘජුවම පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. සංචාරක සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ඉදිරි මාසවලදී මාලදිවයින වෙත ගුවන් ගමන් සඳහා වැඩි ඉල්ලුමක් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම වෙනස්ම වූ අත්දැකීමක් සොයන අයට Gan දූපත වඩාත් සුදුසු වේවී, ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


ලන්ඩනය; ෆ්රැන්ක්ෆර්ට්; පැරිස්; දෝහා; ඩුබායි; දමාම් සිට සිට පැමිණෙන සංචාරකයින් Gan වෙත ගමන් කිරීම සඳහා ශ්‍රීලංකන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති අතර කොළඹ හරහා පහසු සම්බන්ධතා ද ලබාගත හැකි වේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. “පසුගිය වසරේ කාලසීමාව හා සසඳන විට, ශ්‍රීලංකන් ගුවන් සමාගම නව ගමනාන්ත හඳුන්වා දෙමින්, පවතින ගමනාන්ත වෙත පියාසර සංඛ්‍යාත වැඩි කරමින් සහ Gan වැනි ගමනාන්ත වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කරමින් ක්‍රමානුකූලව මෙහෙයුම් පුළුල් කරමින් සිටිනවා. මාලදිවයින සැමවිටම ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තයක් වන අතර මාලදිවයිනේ ගමනාන්ත දෙකකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවයයි. ඒ වගේම වසංගත කාලය තුළ පවා කිසිදු බාධාවකින් තොරව මාලේ වෙත මෙහෙයුම් දිගටම කරගෙන ගිය එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවයයි. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond” ප්‍රමිතිය පසුගියදා හිමි විය. මීට පෙර 2021 ජනවාරියේ දී පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදුකළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය ද හිමිවිය.