Spread the love

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන මෙන්ම අවසාන එක්දින තරගයට කණ්ඩායම් දෙකක් තරග එක බැගින් ජයගෙන ඇති අතර තරගාවලියෙන් ජයග්‍රහනය ලබාන්නේ අද ජය ගන්නා කණ්ඩායමයි.
මෙම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව 05 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේ යි.

එමෙන්ම, මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකට ම වැදගත් වනු ඇති.