Spread the love

2021 වර්ෂය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයයි ඒ ලකුණු 182 ක ලබාගෙනයි. දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්.

තෙවැනි ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත්තේ ලකුණු 178කටයි.

කොළඹ ආනන්ද විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ,176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ද හිමිකම් ලබා ඇත.