Spread the love

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන බැවින් ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/  වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිවෙයි.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි..

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් 1911 ක්ෂණික දූරකථන ඇමතුම් අංකයෙට කථා කොට තොරතුරු දැන ගත හැකි බවද විභාග දෙපාර්තුමේන්තුව පවසයි.