Spread the love

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

මේ අතර විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවයහෙට(24) සිට තාවකාලිකව අත්හිටුවනු ඇත..කෙසේ වෙතත් විභාග සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා ඇතිබවද පැවසීය.එ අනුව ඉල්ලුම් කරු විසින් සඳහන් කරනු ලබන ලිපිනයට අධිවේගී තැපෑල මගින් විභාග සහතික පත්‍රය එවීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.