Spread the love

දිවයිනේ මේ දිනවල දී සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් වෙළඳසැල් තුළ ශීතකරණ වල ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මකභාවයේ වෙනසක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ශීත ආහාර වල පැහැයේ, ගන්ධයේ සහ පෙනුමේ වෙනසක් ඇත්නම් එම ආහාර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පැවසීය.

එබැවින් එම ආහාර විකිණීමෙන් හෝ මිළදී ගැනීමෙන් වළකින ලෙස පැවසීය.මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ තිබූ මස් හා කිරි ආශ්‍රිත ආහාර විකිණූ වෙළඳසැල් 387 කට එරෙහිව පසුගිය දින කිහිපයේ නඩු පැවරු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.