මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.
“ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් පුද්ගලයාගේ මරණය සම්බන්යෙන් පවුලේ සාමාජිකයින් සියළුදේනාම අවරණය වන පරිදි මේ වනවිට සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන මිනිමැරුම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන කටයුතු පවත්වනවා. මේ විමර්ශන කටයුතු අනුව තවදුරටත් සාක්ෂි සේවීමෙන් තමයි විමර්ශන කටයුතු කරන්නේ. මේ වන විට පුද්ගලයින් 75කට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන්කරගෙන තියෙනවා. ඒ වගේම ඒ සාක්ෂි ඔස්සේ ලැබෙන නව තොරතුරු මත තවදුරටත් සාක්ෂි සොයා යාම සිදුකරනු ලබනවා. තවම මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ සැකකාරියක නිෂ්චිතව හඳුනාගෙන නෑ.”