Spread the love

දිවයින පුරා තෝරාගත් රෝහල් වලදී (27) හෙට සිට අවුරුදු 12 ඉහළ විවිධ සංකුලතා සහිත දරුවන් එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.
මූලික රෝහල් ,පළාත් මහ රෝහල් ,ශික්ෂණ රෝහල් වල එන්නත් කිරීම සිදුකරනු ඇත.එහිදී විශේෂඥා වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් පසුව එන්නත් ලබාදීම සිදුකරනු ඇත. සංකුලතා නොමැති දරුවන් එන්නත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන අතර සංකුලතා ඇති දරුවන් එන්නත් කිරීමෙන් පසුව පරික්ෂා කිරිමේ කටයුතු ආරම්භ කරන බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකදී වයස අවුරුදු 12 වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.