Spread the love


එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතියේ සහාය ඇතුව දිවයිනේ පළාත් 09 ම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සීගිරිය තිරසාර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වභාවික ගමනාන්තය, වවුල්පනේ හුණුගල් ගුහාව ගමනාන්තය, ඩෙල්ෆ් දූපත, මධුනාගල උණුදිය උල්පත්, පානම ප්‍රජා ගම්මාන සහ මිහින්තලේ මෙම ගමනාන්ත 09 යි. මේ අතර සීගිරිය හා යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි තිරසර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනය කිරිම දැනටමත් ආරම්භ කර තිබේ.
තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වැඩපිළිවෙලකි. ඒ අනුව මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි. මේ වන විටත් මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය සදහා අදාළ පළාත් සංචාරක බළධාරින් වෙත වගකිම පවරා තිබේ. දැනටමත් ඔවුන් මේ සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බව ඇමතිවරයා සදහන් කරයි.