ජෛව සංචාරක බුබුළු සංකල්පය (Bio Tourist Bubble Concept) යටතේ විදේශීය සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල් වල නවාතැන් ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා දී ඇති හෙයින් එසේ පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ පහසුව සදහා එම සංචාරක හෝටල් වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අවසර ලබා දී ඇත.
මේ දිනවල බලපවත්නා නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියඵම සිල්ලරට මත්පැන් විකිණීම සදහා වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
මේ අනුව සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හා සුරාබදු ර.බි. 07, සුරාබදු ර.බි. 08, සහ බුටික් විලා යන වර්ග වලට අයත් සුරාබදු බලපත්‍ර සහිත හෝටල වල නවාතැන් ගනු ලබන විදේශීය සංචාරකයින් සදහා එම සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේ.
සංචාරක මණ්ඩල අනුමැතිය රහිත හෝටල සදහා මෙම අවසරය හිමි නොවේන බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
