අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ ඇගේ නිවස අසලම ඇළ මාර්ගයක තිබියදී අද (27) සොයාගෙන තිබුණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි වියේ පසුවූ තරුණියකි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ සචිනි රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිට ඇත.
ඇය සුපුරුදු පරිදි අදත් උදෑසනින් රැකියාවට පිටත්ව ගොස් තිබුණි.
සචිනි පිළිබඳ තොරතුරක් නොවූයෙන් ඇතිවූ සැකය මත පවුලේ ඥාතීන් ඒ ගැන පොලීසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ සෝදිසියේ දී ඇගේ මළසිරුර මෙලෙස හමුවී ඇත.
ඒ සචිනිගේ නිවසට යාබද ඇළ මාර්ගයක තිබියදීය.
සචිනිගේ සිරුර දියේ ඔබා තිබූ බව “sriraj news” වාර්තාකරු සඳහන් කළේය.
මියගිය සචිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර ඇය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය විය.
මරණය පිළිබඳ ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලැබුවේ රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා විසිනි.
ඉදිරි පරීක්ෂණ සඳහා සිරුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර ඇත.
මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන රත්නපුර සහ ඇළපාත පොලිස් ස්ථාන මගින් ආරම්භ කර තිබේ.
============
රත්නපුරයේ තරුණියක් අභිරහස් ලෙස මරුට
March 27, 2023 06:11 pm
රත්නපුර ප්‍රදේශයේදී තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
ඥාතීන් පවසන්නේ අද උදෑසන 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට අදාළ තරුණිය නිවසින් පිටව ගොස් ඇති බවය.
පසුව ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමුවී ඇත.
ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඇය මීට මාස කිහිපයකට පෙර එම අධ්‍යාපන කටයුතු අවසන් කර උපාධිය ලබා ඇත.
රත්නපුර පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.