Spread the love

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව විශේෂ සහන මල්ලක්හෙට (09) සිට ලබාදීමට පියවර ගෙන ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

එම සහන මල්ල රුපියල් 1950 දිවයිනේ සියලු සතොස ශාඛා මගින් මිලදී ගැනීමට හැකිය.


ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑම් 05,සම්බා සහල් කිලෝග්‍රෑම් 05ක්,හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක් එම සහන මල්ලට ඇතුළත් වෙයි.

දුබුරු සීනි කිලෝග්‍රෑම් 01 සහ තේ කොළ ග්‍රෑම් 100ක් ද සහන මල්ලට ඇතුළත් බව වෙළද අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.