Spread the love

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් (06) අද සිට වෙළෙඳපොළට ඉන්ධන පිරවුම් හල් වෙත නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

මේවන විට සාංස්ථාව සතුව පවතින ඩීසල් තොග සීමිත බැවින් දිවයිනේ තෝරාගත් පිරවුම්හල් කිහිපයක් වෙත ඩීසල් නිකුත් කරනු ඇත.

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල ඩීසල් නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි. මේවන විට දිවයින පුරා පෙට්‍රල් හිඟයක් ද නිර්මාණය වෙමින් ඇතිබව සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය සදහන් කරයි.